ෂෙසාඩ්, ඩිල්ෂාන්ට බලපෑම් කිරීමට විරෝධය

Published in පුවත්
Friday, 05 September 2014 15:29

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් මහතාට පාකිස්ථානයේ අහමඩ් ෂෙසාඩ් විසින් කරන ලද තර්ජනය සම්බන්ධයෙන් 'හෙළ බොදු සවිය' සංවිධානය විරෝධය පළකර සිටියි. 

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය හා ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විශේෂ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස එම සංවිධානය ඉල්ලා සිටියි.

මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස සැළකෙන ක්‍රිකට් ක්‍රීඩාව තුළට ජාතිවාදි ආගම්වාදී, ග්‍රෝතවාදී සංකල්ප, මිත්‍යාමතවාද, මූලධර්මවාදය පැතිරවීම ඉතා අවාසනාවන්ත තත්වයක් බවත්, ඕනෑම ක්‍රිඩාවක් වෙත මෙවැනි අන්තවාදීන්ගේ අතගැසීම් මූලික මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බවත්,  ජාත්‍යන්තර ක්‍රීඩා නීතිවලට පටහැනි බවත් එම සංවිධානයේ  සභාපති බුදුගල ජිනවංස හිමියන් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

අහමඩ් ෂෙසාඩ් මුස්ලිම් දහම වැළදගන්නා ලෙස කරන අයුතු බලපෑම තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩකයාට පමණක් කරන ලද බලපෑමක් නොව සමස්ත බෞද්ධ ලෝකයාටම කරන ලද අන්තවාදි තර්ජනාත්මක මානසික පීඩනයක් බව ද එම නිවේදනයේ දැක්වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us