ගැහැණු ළමුන් කෝටි දොළහකට ලිංගික බලහත්කාරකම්

Published in පුවත්
Saturday, 06 September 2014 09:34

ලොව පුරා සිටින වයස අවුරුදු විස්සට අඩු ගැහැණු ළමුන් කෝටි දොළහක් ලිංගික දූෂණයට හෝ අපයෝජනයට ලක් වී ඇති බව එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

මෙය අනුපාතයක් ලෙස ගත් කළ සෑම ගැහැණු ළමුන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ලිංගික බලහත්කාරකමක් සිදු වී ඇති බව ඉහත කී වාර්තාවේ දක්වා තිබේ.

යුනිසෙෆ් ආයතනය විසින් කරන ලද සමීක්ෂණ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙන්නේ 2012 වසරේ පමණක් ලොව පුරා ළමුන් අනූ පන්දහසක් ඝාතනය කර ඇති බවයි.

ඉන් වැඩි ප්‍රතිශතය අයත් වන්නේ දකුණු ඇමරිකානු සහ කැරිබියානු රටවලටයි.


ලංකාව

වයස අවුරුදු දහතුනත් පහළොවත් අතර ශ්‍රී ලාංකික සිසුන්ගෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් එක් වතාවක් හෝ පහර කෑමකට ලක් වී ඇති බව ද යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් ඉහල ම ප්‍රතිශතය වන සියයට හැට වාර්තා වී ඇත්තේ ඝානා රාජ්‍යයෙන් වන අතර එම ලැයිස්තුවේ හත් වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.


ශාරීරික දඬුවම්

යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවෙන් කළ විමසීමකදී වෛද්‍ය හේමමාල් ජයවර්ධන මහතා කියා සිටියේ වැඩිහිටියන් ළමුන්ට ශාරීරික දඬුවම් ලබා දීම තුලින් අනාගත පරපුරද ප්‍රචණ්ඩකාරී විය හැකි බවයි.


‘ළමයි කියන්නේ ඉරි ඇඳපු හිස් පොතක් වගේ. වැඩිහිටියන් තමයි ඒ පොත ලියන්නේ. ළමුන් හදා වඩා ගැනීම පිළිබඳව දෙමාපියන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමේ වැඩපිළිවෙලක් සම්පාදනය විය යුතුව තියෙනවා.’ යුනිසෙෆ් ආයතනයේ වෛද්‍ය හේමමාල් ජයවර්ධන මහතා පැවසීය.

ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඉහත කී වාර්තාව එක්සත් ජාතීන් නිකුත් කර ඇත්තේ යුනිසෙෆ් ආයතනය විසින් රටවල් එකසිය අනූවක කරන ලද සමීක්ෂණයක දත්ත රැස් කරමිනි.

(සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us