ජවිපෙ වසන්ත සමරසිංහ හොර බදු ඔප්පුවකින් ගොඩනැගිල්ලක් ලියාගත්තැයි චෝදනාවක්  

Published in පුවත්
Thursday, 04 July 2024 20:02

ජවිපෙ, ජාතික ජන බලවේගයට සම්බන්ධ වෘත්තිය සමිති කැඳවුම්කරු වසන්ත සමරසිංහ හා පිරිසක් ව්‍යාජ බදු ඔප්පුවක් මගින් ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනීමට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

මෙම වෘත්තිය සමිති කැඳවුම්කරුවන් පිරිස, ව්‍යාජ බදු ඔප්පු සකස් කර දෙහිවල අංක 10, කවුන්සිල් පටුමඟ, දෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ තිස් හයකට බදු දීම සම්බන්ධ පැමිණිල්ල කොළඹ වංචා විමර්ශන අංශයට කර ඇත.

ජාතික කම්කරු සංගමයේ ලියාපදිංචි අංක 1041 වෘත්තීය සමිතියේ උප සභාපති වශයෙන් කටයුතු කරන තිලක් ධර්මසිරි කීටෝ සහ එම සමිතියේ පිරිසක් විසාන් මෙම පැමිණිල්ල සිදුකර ඇත. මෙම පැමිණිල්ල අනුව එම වෘත්තීය සමිතියේ නම, ලියාපදිංචි අංකය සහ සභාපති , උප සභාපති ලෙස පෙනී සිටිමින්, වෙනත් ආයතනයකට, භාරයකට ( National Workers Institute ) අයත් දේපලක් වන දෙමහල් ගොඩනැගිල්ලක් NPP පක්ෂයේ පහත නම් සඳහන්
1. එච්. එම්. වසන්ත සමරසිංහ
2 ආර්. ජී. සිරිල් ආනන්ද සිරි
3.සේනක මහින්දවංශ ජයසිංහ (NPP ලේකම් ලංකා ගුරු සංගමය)
4. ජී. ඒ. රන්ජන් ජයලාල් පෙරේරා (NPP ලේකම් ලංකා විදුලි සේවක සංගමය)
5 අමාලි කළුපහන (මෙම ගනුදෙනුව සඳහා අනුබල දුන් තැනැත්තිය)
යන පිරිසක් විසින් ව්‍යාජ බදු ඔප්පුවක් මගින් වසර තුනකට බදු දී පසුව යළි වසර දෙකකට බදු දී ඇත.

වෘත්තීය සමිතිය නියෝජනය කරමින් සහ ( National Workers Institute) භාරයේ භාරකරුවන් විසින් කොළඹ වංචා විමර්ශන අංශය වෙත 2024 01 02 දින පැමිණිලි අංක 02/03/2004 යටතේ පැමිණිලි කර පැමිණිල්ලේ සාක්ෂි සියල්ලම මේ වන විට අවසන් කර ඇත. අද දින මෙම ඔප්පු 03 සැකසූ නීතිඥ මහත්මිය සහ එහි සාක්ෂියට අත්සන් කළ සාක්‍ෂිකරුවන් , දෙල්කඳ ඉඩම් රෙජිස්ට්‍රාර් ඇතුළු පිරිස කොළඹ වංචා විමර්ශන අංශයට කැඳවා සාක්‍ෂි ලබාගෙන ඇත.

මෙම ජවිපෙ වෘත්තීය සමිති නියෝජනය කරන විත්තිකරුවන් පසුගිය මස 18 වැනි දින කැඳවා ඇති නමුත් පැමිණි නැති අතර පසුව 26 වැනි දින කොළඹ වංචා විමර්ශණ අංශය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති නමුත් එ දිනද පැමිණ නැති බවත් පැවැසේ.

එමෙන්ම මෙම පැමිණිල්ල කර මාස 06 ක් පමණ ගත වන නමුත් මෙහි විත්තිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ බළධාරීන් කටයුතු කර නොමැති බවත් පැමිණිලි කරුවන් පවසා සිටී.

කෙසේ නමුත් වසන්ත සමරසිංහ පවසා සිටින්නේ එම දේපොළ පැමිනිල්ල ඉදිරිපත් කළ වෘත්තීය සමිතියට අයිති නැති බවය.

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us