සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරයි

Published in පුවත්
Monday, 08 July 2024 09:47

මෙවර යල කන්නයේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩලයෙන් මිලදී නොගෙන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට අඩු පොලී අනුපාතිකයක් යටතේ රුපියල් මිලියන 6,000 ක ණය මුදලක් ලබාදී ඔවුන් හරහා වී මිලදී ගැනීමට රජය කටයුතු යොදා ඇත.

යල කන්නයේ වී අස්වනු ගොවීන්ගෙන් මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන්ට සහ වී තොග රැස් කරන්නන්ට සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියකුට සියයට 13 ක වාර්ෂික පොලී අනුපාතය යටතේ රුපියල් මිලියන 50 ක්ද, ගබඩා හිමිකරුවන්ට සහ වී තොග රැස් කරන්නන්ට රුපියල් මිලියන 25 බැගින්ද ණය මුදල් නිකුත් කෙරේ.

මෙම පොලී අනුපාතයෙන් සියයට 9 ක් අදාළ ණය ඉල්ලුම්කරු විසින් දැරිය යුතු අතර, ඉතිරි සියයට 4 ක පොලී මුදල සහනාධාරයකි. මෙම ණය මුදල දින 180 ක් තුළ ගෙවා අවසන් කළයුතුය.

ඒ අනුව, ගොවීන්ගෙන් තෙතමනය සියයට 14 ක ප්‍රමිතියෙන් යුතු නාඩු රතු වී කිලෝවක් රුපියල් 95කටද නාඩු සුදු වී කිලෝවක් රුපියල් 110 කටද සම්බා වී කිලෝවක් රුපියල් 120 කටද කීරි සම්බා වී කිලෝවක් රුපියල් 135 කටද මිලදී ගැනීමට කටයුතු යොදා ඇත.

- අරුණ 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us