විදුලි සංදේශ නියාමන පනත සම්මත වීමෙන් පසු ඊලොන් මස්ක් ලංකාවට Featured

Published in පුවත්
Saturday, 13 July 2024 13:34

විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීමෙන් පසු මාස දෙකක් ඇතුළත ඊලොන් මස්ක් ලංකාවට ගෙන්වනවා.” යැයිද ජනාධිපතිවරයා පවසයි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉකුත් සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදී විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇමැති කංචන පැහැදිලි කිරීමක් කර තිබිණි.

එම අවස්ථාවේදී “මේක වැදගත් පනතක්.මේක සම්මත කරගැනීම අත්‍යවශ්‍යයි. අපි කතා කරන ඩිජිටල් ආර්ථිකය ආරම්භ කරන්න බෑ මේ පනත නැතුව. ආර්ථික ප්‍රථිසංස්කරණයට මේක අත්‍යවශ්‍යයි.”
“මේක සම්මත වෙලා මාස දෙකක් ඇතුළත ඊලොන් මස්ක් ලංකාවට ගෙන්වනවා.” යැයිද ජනාධිපතිවරයා පවසා ඇත.

SpaceX සහ Tesla යන ආයතනවල ප්‍රකෝටිපති ප්‍රධානියා වන එලෝන් මස්ක් විසින් දියත් කරන ලද ස්ටාර්ලින්ක්(Starlink) චන්ද්‍රිකා පද්ධතියට මෙරට පහසුකම් සැලසීම සඳහා මෙරට විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැඟී තිබිණි.

මේ අතර විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව රට තුළ චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවා සැපයීම සඳහා ස්ටාර්ලින්ක් වෙනුවෙන් රජය දැනටමත් මූලික අනුමැතිය ලබා දී ඇත. මීට මාස දෙකකට පෙර ඉන්දුනීසියාවේ පැවැති 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මස්ක් හමුවීමෙන් පසුව මෙම පියවර ගත්තේය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව විදුලි සංදේශ සේවා ක්‍රියාත්මක කිරීම සඳහා තෙවැනි පාර්ශ්වයකට බලපත්‍රයක් ලබාදීමට ප්‍රතිපාදන නොමැත.

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. නව සංශෝධනයෙන් යටිතල පහසුකම් සේවා බලපත්‍රය, විදුලි සංදේශ සේවා බලපත්‍රය සහ කේබල් ගොඩබෑමේ ස්ථාන බලපත්‍රය හඳුන්වා දෙන බව රාජ්‍ය තාක්ෂණ ඇමැති කනක හේරත් පවසයි.

“Starlink එන්නේ විදුලි සංදේශ සේවා බලපත්‍රය යටතේ,” ඔහු සඳුදා (08) කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට පැවැසීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඇතැම් වගන්ති ඉවත් කර නව සංශෝධනය පිළිබඳ ගැටළු දැනටමත් විසඳා ඇති බව ඔහු සඳහන් කළේය.

“නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් හතරක් තිබුණා. ඒ නිසා අපි දැන් හැම දෙයක්ම නිවැරදිව සිදුකර තියෙනවා, ඒක පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා අවස්ථාවටත් ගියා.“ඒ අනුව අපි සියලු සංශෝධන කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.” නව සංශෝධනයෙන් පැන නගින ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් විමසූ විට කනක හේරත් පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us