අප්පුහාමි ඉතාලි යන්නේ තලගොයි දඩයමකටද?

Published in පුවත්
Saturday, 13 July 2024 22:07

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දීර්ග කාලයක් පුරා මුහුණ දෙන රියැදුරු බලපත්‍ර පිළිබඳ ගැටළුව සහ ඉතාලියේ මෙරට විදේශ අංශයන් හී දුර්වලතා හේතුවෙන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීමට යැයි කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඉතාලි සංචාරයක යෙදෙන බව ප්‍රසිද්ධ කර ඇති නමුත් ඔහුගේ පැමිණීම අවංක චේතනාවකින් සිදු නොවන්නක් බව ඉතාලියේ මෙරට පුරවැසියන් සැක පල කරයි.

ඔහු ප්‍රසිද්ධ කර ඇති දැන්වීම අනුව වෙනත් දේශපාලනික වුවමනාවක් ඒ තුළ ගැබ්ව ඇති බවත් මෙම පිරිස පෙන්වා දෙයි.

එම ශ්‍රී ලංකිකයන් ඒ පිළිබඳව පළ කරන අදහස මෙසේය.

''පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු මහජන නියෝජිතයෙකු හා ඉතාලි ශ‍්‍රී ලංකා මිත්‍ර සංගමයේ ලේකම්වරයා ලෙස ඉතාලියේ වෙසෙන ලාංකේය ජනතාවගේ ප‍්‍රශ්ණ ගැටලූ සොයා බැලීම හා ඒවාට විසඳුම් සෙවීමට මහන්සි වීම පිළිබඳ අපගේ ප්‍රශංසාව පල කරමු. ඒ සඳහා ඔබට ඇති අයිතියට අප ගරු කරමු. එමෙන්ම ඔබ ගන්නා ක‍්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමටද අප නොපැකිලෙමු.

එහෙත් ඔබ පල කර තිබෙන දැන්වීමේ ඇති සමහර ක‍්‍රියාමාර්ග ප‍්‍රශ්ණකාරී බව අපට හැගේ. ඊට අනුව ඔබ ඉතාලියට පැමිණෙන්නෙම ලාංකිකයින්ට තිබෙන තානාපති සේවා ගැටලූ පිළිබඳ සාකච්ඡා කිරීමට බවත් සියලූ නගර වෙත යන්නේද එම ගැටලූ සාකච්ඡා කරීමටම බවත් හැගේ. අපගේ අවබෝධයේ හැටියට ලංකා රජයත් විදේශ කටයුතු අමාත්‍යංශයත් ඇමතිවරු රොත්තත් හිටපු හා නව තානාපති ඇතුලූ එහි නිළධාරීන් සියල්ලත් ප‍්‍රශ්න සහ ගැටලූ හොඳින්ම දන්නා බව අප විශ්වාස කරමු.

එම නිසා දඹුලූ යන ගමන් තල ගොයි මරන්නේ නැතිව මෙම කාරණා දෙක වෙන්කර ඔබේ දේශපාලන ප‍්‍රචාරක කටයුතු වෙනමත් තානාපති ගැටලූ විසඳීමට කෙරෙන මැදිහත්වීම වෙනමත් සිදු කර ඔබේ ගෞරවය රැකගන්නට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිමු.

එසේ නොවන්නේ නම් අප උත්සහ කරන තානාපති සේවයට දේශපාලන ඇගිලි ගැසීම් අවම කරගැනීමේ උත්සහය වෙනස් මුහුණුවරකින් නැවත කරළියට එනු ඇත. එහි යම් ඉගි මේ වන විටත් දකින්නට ඇති හෙයින් ඉතා ගෞරවයෙන් මේ ඉල්ලීම කරන බව සටහන් තබමු.

තවදුරටත් මජර දේශපාලන ගැටවලට හසුනොවී තම අයිතීන් හා වගකීම් පිළිබඳ බුද්ධිමත් ලෙස සිතා කටයුතු කරන ලෙසට ලාංකීය ජනයාගෙන් ඉල්ලා සිටිමු. එසේ නොවේනම් අප නැවත නැවත රැ වැටුනු වලේම දවල්ද වැටෙමින් අදෝනා තබමු.

දැන් ඒ යුගය අවසන් කිරීමට කාලයයි.''

sjb

Last modified on Saturday, 13 July 2024 22:09

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us