ජනාධිපතිවරණය ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද

Published in පුවත්
Monday, 15 July 2024 08:54

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නීතිඥ අරුණ ලක්සිරි ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(15) සලකා බැලීමට නියමිත ය.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය , අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන යන මහත්වරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ය.

නීතිඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති බවයි.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දුවක් ලබා දී තිබුණ ද එය ජනමත විචාරණයකින් තවමත් අනුමත වී නොමැති බව පෙත්සමෙන් පෙන්වාදී තිබේ.

පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයකින් සම්මත කර ගන්නා තෙක් ජනාධිපතිවරණයක් පැවත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ය.

ජනමත විචාරණයකින් අනුමතවීමෙන් පසුව ජනාධිපතිවරයා අත්සන් තබා නොමැති නිසා නීතියක් වශයෙන් සැලකිය නොහැකි බැවින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පිළිගෙන කටයුතු කිරීම නීත්‍යානූකූල නොවන බව ද පෙත්සමේ දැක්වෙයි.

මේ අතර, අදාළ පෙත්සම සඳහා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින්නැයි, නීතිපතිවරයාට වාචිකව දැනුම් දුන් බව එම කොමිසම පවසයි.

මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයින්ගේ අත්සනින් යුත් ලිපියකින් ඒ පිළිබඳ නීතිපතිවරයාට අද පෙරවරුවේ දැනුම් දීමට නියමිතයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us