විදුලි ගාස්තු සංශෝධනය අද දිනයේ ප්‍රකාශයට පත් කෙරේ

Published in පුවත්
Monday, 15 July 2024 09:03

විදුලි ගාස්තු සංශෝධනය අද (15) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

විදුලි බල මණ්ඩලය යොමු කළ ගාස්තු සංශෝධන යෝජනාව, විදුලි බල මණ්ඩලය මගින් ලබාගත් දත්ත සහ මහජන අදහස් විශ්ලේෂණය කිරීමෙන් පසු විදුලිය ගාස්තු සංශෝධනය කරන බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ වි‍ශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේ ය.

අද පස්වරුව වන විට විදුලිය ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත්කරන බව සභාපතිවරයා පවසා ඇත.

මේ අතර, විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පැවසුවේ, විදුලිය ගාස්තු 30% කින් පමණ පහළ දැමීමට කටයුතු කරන බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us