සේවා කාලය අවසන් කර මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ට වරප්‍රසාදයක්

Published in පුවත්
Monday, 22 July 2024 14:22

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන්කර නැවත මෙරටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබාදුන් දායකත්වයට ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට එය මහත් ශක්තියත් වූ බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  (21) පෙරවරුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වුණු “විගමනික හරසර” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

විගමනික ශ්‍රමිකයන් ශ්‍රි ලංකා ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඇගයිම සඳහා දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති “විගමනික හරසර” වැඩසටහන මෙලෙස වයඹ පළාතින් ආරම්භ කෙරුණු අතර කුරුණෑගල, පුත්තලම අනුරාධපුරය, මාතලේ හා කෑගල්ල දිස්ත්‍රික්කවල විගමනික ශ්‍රමිකයෝ 5,000ක් පමණ ඊට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකරනු ලබන සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා විගමනික ශ්‍රමිකයින් යෝජනා කරන ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලෙස රුපියල් 50,000 බැගින් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us