මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කළ වහාම අදාළ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති කියයි

Published in පුවත්
Monday, 22 July 2024 15:00

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසීය.

ඒ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව අද (22) පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේය.

තැපැල් ඡන්ද හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පිළිබඳව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මෙහිදී පැහැදිලි කළේය.

එහිදී ඔහු පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සියලුම නිවාසවලට බෙදාහැරීම සඳහා 8,000ක සේවක පිරිසක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බවය.

එමෙන්ම තැපැල් ඡන්ද සඳහා අදාළ සියලුම ලිපි ලේඛන ආරක්ෂිත හුවමාරු කිරීම සඳහා ද තැපැල් දෙපාර්තමේන්තු බැඳී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us