මීගමුව රෝහලට ඇතුලත් කළ 200 ක් පමණ සේවිකාවන්ගෙන් අවසානයට ඉතිරි වු සේවිකාවන් පිළිබදව එම ආයතනය නිසි අවධානයකින් කටයුතු කර නැතැයි යන චෝදනාවක් මේ වන විට චෝදනා එල්ල වන්නට පටන් ගෙන ඇත.
විශේෂයෙන්ම සේවිකාවක් මිය යන තත්වයට පත්විමත් සමගින් කම්කරුවන් අතර මේ චෝදනාවක් වඩාත් ප්‍රබලව එල්ලවෙමින් තිබේ.
රෝහලට ඇතුළත් කල අතර, අනතුරුව එහිදී මිය ගිය කලුඅරාච්චිගේ ඥානවතී නමැති ඇඟලුම් සේවිකාවගේ මරණය සැක සහිත බව ඇයගේ ඥාතීහු සහ වෘත්තීය සමිති කියා සිටිති.
මොලය අභ්‍යන්තරයේ හටගත් රුධිර වහනයක් හේතුවෙන් ඇය මිය ගිය බවට අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් තීන්දුව බැහැර කරන පවුලේ ඥාතීන් හා වෘත්තීය සමිති මෙය අහාර විෂවීමක් හේතුවෙන් සිදු වූ මරණයක් බව පවසමින් වැඩිදුර පරික්ෂණයක් ඉල්ලා සිටියි.
ඇයගේ ඥාතීන් හා වෘත්තීය සමිති නායකයන් එක්ව කටුනායක පොලිසියට මේ පිලිබදව පැමිණිල්ලක්ද කර තිබේ.
ඉකුත් බ්‍රහස්පතින්දා දහවල් ආහාරයෙන් පසු කටුනායක නිදහස් වෙළද කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවේ සේවකයන්ට වමනය සමග පාචනය තත්වයක් ඇති වූ බැවින් ඔවුන් රෝහල් ගත කෙරිණි.
පන්සීයකට වැඩි සේවකයෝ පිරිසක් රෝගී තත්වයෙන් පසු වූහ.
බරපතල ලෙස රෝගාතුර වූ සේවකයන් දෙදෙනෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබිණ..
ඉන් එක් අයෙකු වූ කලුඅරච්චිගේ ඥානවතී නමැති දෙදරු මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය. මියගිය සේවිකාව 42 වන වියෙහි පසුවූ අතර, ඇය ඇඹීලිපිටියේ පදිංචිකාරියක බවද වාර්තා වේ.
දැඩිසත්කාර ඒකකයේ සිටි අනෙක් සේවකයා අසාධ්‍ය තත්වයේ පසු වූ නමුත් ඔහු රෝහලෙන් පිටත් කර යවා ඇති අතර ඔහුගේ රෝගී තත්වය මේ වනතුරු සුව වී නොමැති බව වාර්තාවේ.
(ජායා -meepura.com)
ආහාර විෂවිමක් හේතුවෙන් සැප්තැම්බර් 05 වනදා මීගමුව රෝහලට ඇතුළත් කල සේවිකාවන්ගේ තත්වය ගැන NEXT ආයතනය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැතැයි වාර්තාවේ.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...