රට පුරා රබර් ව්‍යාප්තියට සූදානමක්

Published in පුවත්
Monday, 12 August 2024 10:37

සාම්ප්‍රදායික නොවන ප්‍රදේශ වලට රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා නව රබර් ක්ලෝන 14ක් පරීක්ෂා කර අවසන් බව රබර් පර්යේෂණාතයනය පවසයි.

රබර් වගාව මින් ඉදිරියට සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ගත් තීරණයට අනුව මෙම පියවර ගෙන තිබේ.

ඒ ඒ ප්‍රදේශ වලට ඔරොත්තු දිය හැකි වගාවට සුදුසු මෙන්ම වැඩි කිරි අස්වැන්නක් ලබා ගත හැකි නව රබර් ප්‍රභේද හඳුනා ගැනීමේ පර්යේෂණාත්මක වැඩ පිළිවෙළක් රබර් පර්යේෂණ ආයතනය විසින් ආරම්භ කර ඇත.

මේ වන විට නව ක්ලෝන 14ක පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර තවත් ක්ලෝන 22ක පර්යේෂණ සිදු කෙරෙමින් පවතින බව රබර් පර්යේෂණායතනය කියයි. අවසානයේ දී අන්තර්වාර නිර්දේශ යටතේ ක්ලෝන 10ක් නිර්දේශයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙතෙක් කළුතර වැනි සම්ප්‍රදායික රබර් වගා කළ ප්‍රදේශ වලින් බැහැරව බදුල්ල, මොණරාගල හා අම්පාර වැනි වියලි දේශගුණයක් සහිත ප්‍රදේශ වලට රබර් වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මෙම වසරේ හෙක්ටයාර් 115ක අලුතින් රබර් වගා කරන බවද රබර් පර්යේෂණායතනය කියයි.

- ලංකාදීප 

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us