මත්පැන් බලපත්‍ර වලින් කෝටි 4607ක අදායමක්

Published in පුවත්
Wednesday, 10 September 2014 09:40

මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් 2013 වසරේ පළමු මාස නවය තුළ රජය රුපියල් කෝටි 4607 කට අධික මුදලක්‌ රැස්‌කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක  දැක්‌ වේ.

මත්පැන් බලපත්‍ර නිකුත් කළ සමාගම් වෙතින් 2005 වසරේ සිට 2013 සැප්තැම්බර් දක්‌වා සුරා බදු ලෙස රුපියල් කෝටි විසි පන්දහස්‌ තුන්සිය අනූහයක (25396) මුදලක්‌ රැස්‌ කරගෙන ඇති බවද එම ලේඛනයේ සඳහන් වේ. 

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2013 ජනවාරි සිට සැප්තැම්බර් දක්‌වා කාලය තුළ සංචාරක මණ්‌ඩලය අනුමැතිය ලත් ආයතනවලට පමණක්‌ මත්පැන් බලපත්‍ර 42 ක්‌ ලබාදී තිබෙන බවද, 2012 සහ 2013 වසරවල සුරා බදු ගෙවීම් පැහැර හරින ලද සමාගම් නැතැයිද සභාගත කළ ලේඛනයේ දැක්  වේ.

එක්‌සත් ජනිත පක්‍ෂයේ පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඇසූ පැනයකට අදාළ පිළිතුරු ලෙස ඉහත ලේඛනය සභාගත කළේය.

'මතට තිත' මහින්ද චින්තනයේ ප්‍රධානතම අංගයකි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us