ආහාර අර්බුදයට විසඳුම ‘දෙල්'

Published in පුවත්
Thursday, 03 July 2014 08:09

ලෝක ආහාර අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙස දෙල් යොදා ගත හැකියැයි හවායි හි ජාතික නිවර්තන කලාපීය උද්භිද උද්‍යානයේ ආචාර්ය ඩයන් රගෝනේ මහත්මිය පවසයි. ඇය මේ බව පවසන්නේ 1980 සිට රටවල් 34 ක වැවෙන දෙල් වර්ග පිළිබඳ අධ්‍යයනයකින් අනතුරුවය.

මේ අධ්‍යයනය සඳහා ම ආචාර්ය රගෝනේ 2003 වසරේදී මෝයි දිවයිනේ දී පර්යේෂණාගාරයක් ද විවෘත කිරීමට කටයුතු කළා ය.

චිකාගෝ නුවර නෝර්ත්වෙස්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය නයිරේ සිගේරා සමග රෙගෝනා මහත්මිය මේ ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වා ඇත. මෙම පරීක්ෂණයට දෙල් ගසේ මුල් පද්ධතියේ පටක යොදා ගනිමින් කරන ලද ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද ඇතුලත්ය. ආචාර්ය රගෝනා මහත්මිය පවසන්නේ ලොව මුලින්ම මිනිස් ආහාරය සඳහා එක්කැරගෙන ඇති දෙල් වර්ගය නිව්ගිනියාවේ වැඩෙන බ්‍රෙඩ්නටස් නමැති දෙල් වර්ගය බවයි.

මේ පර්යේෂණයෙන් පසු ශාන්තිකර දූපත්වල වෙසෙන වැසියන් හා විද්‍යාඥයින් දෙල් ශාක වැවීම කෙරෙහි වඩාත් නැඹුරුව සිටියි. පැසිපික් කලාපයේ රටවල සහල්, තිරිඟු හා ඉරිඟු වගා කරන හෙක්ටයාර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෙල් වගා කිරීමට ගොවියන් තීරණය කැර ඇත.

බරින් කිලෝග්‍රෑම් තුනක පමණ දෙල් ගෙඩියකින් මිනිසුන් පස් දෙනකුට දිනකට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ලබාගැනීමට අවකාශ ඇත. දෙල් යනු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, සහ විටමින් වර්ග රැසකින් යුත් ආහාරයකි. මෙහි ඇති ප්‍රෝටීන්වලින් නිපද වන ඇමයිනෝ අම්ල සෝයා බෝංචි මගින් ලැබෙන ඇමයිනෝ අම්ල ප්‍රමාණයට වඩා අධික බව පර්යේෂකයන්ගේ මතයයි.

පොලිනීසියාවේ අපූරු සම්ප්‍රදායක් පවතී. ඒ සෑම ළමයකුගේ ම උපත සිහිවීම පිනිස උපන් විගස දෙල් පැලයක් සිටුවන බවයි. ආචාර්ය නයිරේ සිගේරා පවසන්නේ මේ සම්ප්‍රදාය සමස්ත ලෝකවාසීන් විසින් ආදර්ශයට ගත යුතු දෙයක් බවයි.

(ලංකාදීප)

del 1

Del 2

Del 3

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us