රූපවාහිනි වැඩසටහන් හොරෙන් විකාශය කළ 4ක් මාට්ටු

Published in පුවත්
Thursday, 03 July 2014 09:03

දෙස් විදෙස් රූපවාහිනි නාලිකාවල චන්ද්‍රිකා සංඥාවන්, තාක්ෂණික මෙවලම් භාවිතයෙන් සොර කර එම රූපවාහිනි වැඩසටහන් නීති විරෝධී ලෙස විකාශය කිරීමේ චෝදනාව මත පුද්ගලයින් සිව්දෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පරිගණක අපරාධ සම්බන්ධ ඉන්දීය විශේෂ පොලිස් ඒකකයක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ට්‍රිමියුල්ගරි ප්‍රදේශයේ පිහිටි සෙකුන්ඩර්බැඩ් නැමැති ගොඩනැගිල්ලේදීය.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගන්නා විවිධ රූපවාහිනිවල වීඩියෝ සංඥා අන්තර්ජාල සංඥා බවට පත් කර ලොවපුරා විකාශය කර ඇත්තේ අන්තර්ජාලයම භාවිතා කරමින් “ජාඩු ටීවී” නැමැති උපකරණය ඔස්සේය.

"ජාඩූ ටීවී" නැරඹීම සඳහා අන්තර්ජාල “සෙට් අප් බොක්ස්” නැමැති උපකරණය පාරිභෝගිකයින් මිලදී ගත යුතු බව පැවසේ.

මොවුන් විසින් මෙසේ විකාශය කරන ලද දෙස් විදෙස් රූපවාහිනි නාලිකා අතර ශ්‍රී ලංකාවේ ටීවී දෙරණ නාලිකාව ද වේ.

ටීවී දෙරණ නාලිකාව “ජාඩු ටීවී” ඔස්සේ නීති විරෝධි ලෙස විකාශය කරන බවට පාලනාධිකාරිය විසින් අවස්ථා කිහිපයකදීම මේ ගැන වගකිව යුතු බලධාරීන්ට පැමිණිලිද කර තිබුණි.

විශේෂයෙන් ටීවී දෙරණ නාලිකාව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල විකාශය කිරීමේ අයිතිය ඇත්තේ ලංකා විෂන් නැමැති ආයතනයටය.

කෙසේ හෝ ජාවාරම්කරුවන් විසින් චන්ද්‍රිකා තාක්ෂණය හා විවිධ විද්‍යුත් උපකරණ භාවිතයෙන් රූපවාහිනි වැඩසටහන් සොරකම් කරමින් නීති විරෝධී ලෙස සිදුකරන විකාශය නිසා රූපවාහිනි ආයතනවලට ‍රුපියල් කෝටි ගණනක මුදලක් අහිමිවන බවද විදෙස් වාර්තාවල දැක්වෙයි‍.

“ජාඩු ටීවී” යනු අමෙරිකාව කේන්ද්‍ර කරගත් සමාගමක් වන අතර එය ෆයිසාල් අෆ්තාබ් හා සජීඩ් සොහෙල් නැමැති පුද්ගලයින් විසින් පවත්වාගෙන යන බව කියැවෙයි.

“ජාඩු ටීවී" සෙට් අප් බොක්ස්” නැමැති උපකරණය මිලදී ගැනීමෙන් පසු පාරිභෝගිකයින්ට විවිධ රූපවාහිනි නාලිකා නැරඹිය හැකි අතර ඒ සඳහා මාසික ගාස්තුවක් ගෙවිය යුතු නොවේ.

මෙම සිද්ධියට “පර්ල් ටෙක්නොලෝජි” නැමැති තාක්ෂණික ආයතනයේ නිලධාරීන්ගේ ද සම්බන්ධයක් ඇති බව හඳුනාගෙන ඇති අතර එහි ප්‍රධානියෙකු අත්අඩංගුවට ගැනීමට ද ඉන්දීය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

“පර්ල් ටෙක්නොලෝජි” ආයතනය විසින් රූපවාහිනි නාලිකා 115ක් ජාඩූ ටීවී ඔස්සේ විකාශය කරන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව හා තවත් රටවල් 15ක මෙම ජාඩූ ටීවී නරඹන බොහෝ ජනතාවක් සිටින බවත් එම උපකරණයක් අමෙරිකානු ඩොලර් 250-300ත් අතර මිලකට අලෙවි කෙරෙන බවද එම වාර්තාවල සඳහන්ය.

(දෙරණ)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us