ගොවි ජනතාවට දැන් පොරොන්දු දෙන සජිත්, අනුර ලා ගොවියන් පොහොර නැතිව දුක් විඳින විට  හිටියේ කොහේද ? – ජනපති

Published in පුවත්
Thursday, 12 September 2024 10:31
 

පොහොර මිල අඩු කරන බවට සහ ගොවි ණය කපා හරින බවට අද ප්‍රකාශ කරන සජිත් හා අනුර එදා මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට සිටියේ කොහොදැයි තමා ප්‍රශ්න කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

තමා ලෝක නායකයන්ට කථා කර පොහොර සහනාධාර ලබා ගැනීමට කටයුතු කිරීම නිසා ගොවියා නැවත ගොවි බිමට යවා රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට හැකි වූ බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

අද ජනතාවගේ ජිවන බර ගැන කථා කරන සජිත් හා අනුර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමට කිසිඳු සහායක් ලබා නොදුන් බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ පැන ගිය අය අද තම අනාගතය වෙනුවෙන් බලය ඉල්ලන බව පැවසූ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයේදී ජන වරම ඉල්ලා සිටින්නේ රටේ අනාගතය වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන ඉදිරියට ගෙන යාමට බවද සඳහන් කළයේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ කල්මුණේ, සයින්දමරදු ෆවුසි ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

Last modified on Thursday, 12 September 2024 11:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us