'දිනන්න නම්, ඡන්ද ලකුණුත් කැප කරන්න වෙනවා' - ජයම්පති

Published in පුවත්
Friday, 12 September 2014 09:23

jayampati විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට නම් බොහෝ දෙනෙකු කැප කිරීම් කළ යුතු බවත්,  ඇතැම්විට සිය අනන්‍යතාවන් පවා වෙනස් කිරීමට දේශපාලන පක්‍ෂවලට  සිදුවනු ඇති බවත් ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ප්‍රවීණයකු වන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, කොළඹ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී ඊයේ (11) පැවති සම්මන්ත‍්‍රණයක දේශනයක් කරමින් ඔහු එම කාරණය පැහැදිලි කළේය.

 
'' ඒ කාලේ සිටිය පිරිසක්, අත ලකුණෙන් හැර වෙන එකකින් ඡන්දය ඉල්ලන්න බැහැ කිය කියා පැරදි පැරදි හිටියා. දැනුත් ඉන්නවා අලියා ලකුණෙන් හැර වෙන එකකින් ඉල්ලන්න බැහැ. පැරදි පැරදි ඉන්නවා. 93දී විතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේම පිරිසක් කිව්වා මේක හරියන්නේ නැහැ අත නෙවෙයි කකුල හරි අරගෙන යන් කියලා. ඒ අනුව තමයි 1994 ඒ වෙනස්කම කරන්න පුළුවන් වුණේ. එම නිසා අතීතය ගැන අඬ අඬා ඉන්න එපා, ඉදිරිය බලන්න, අනාගතය බලන්න කියලයි මම යෝජනා කරන්නේ. මේක අමාරු වැඩක් නමුත් මේ ක‍්‍රමයෙන් මාර්ගයක් අපට සොයා ගත හැකි වෙනවා. මේ සැරේ වැරදුණොත් අපේ අනාගත පරම්පරාවල් අපට ශාප කරයි. '' යයි ද ඔහු පැවසිය.

 
මෙම සම්මන්ත‍්‍රණය සංවිධාන  කර තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසිනි. 18, ඒකාධිපති වියරුව සහ රට ලෙස එය නම් කර තිබිණ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us