දුමින්ද හුලංගමුවට හා මහාචාර්ය අනිල් ජයන්තට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු  

Published in පුවත්
Tuesday, 01 October 2024 11:31

2024 සැප්තැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලංගමුව මහතා සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ, ආර්ථික කටයුතු හා මුදල් - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ගරු සේවා පදනම මත පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීමේ ජනාධිපතිවරයා වෙත හිමිවී ඇති බලතල මෙම පත්වීම් සිදුකර ඇති බවත්, මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිවී ඇති බවත් අද (01) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරුණි.

දුමින්ද හුලංගමුව මහතා ලංකා වානිජ මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා වන අතර මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට කථිකාචාර්යවරයෙකි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us