අස්වැසුම දෙවන අදියර මඟ නවතී

Published in පුවත්
Wednesday, 02 October 2024 10:43

ජනාධිපතිවරණය අවසන් වෙත්ම පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් අස්වැසුම දෙවන වටයේ සංගණන කටයුතු දැනට මාස දෙකක සිට නතර වී ඇතැයි තොරතුරු අනාවරණය වේ.

අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 455,697 ක් ලැබී තිබූ අතර, ඉන් වැඩිම අයැදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ වතුකරය ආශ්‍රිත නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලිනි.

දෙවන අදියර යටතේ තොරතුරු සංගණන කටයුතු ඉකුත් ජූලි මස 31 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබිණි.
ජනාධිපතිවරණය හේතුවෙන් එම සංගණනයේ කටයුතු තාවකාලිකව නතර කළ බවත්, පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබීම නිසා සංගණනය තව දුරටත් ප්‍රමාද වනු ඇති බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචිමාර්ග කියයි.

අස්වැසුම දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් තෝරා ගැනීමට නියමිතව තිබිණි.

මේ සම්බන්ධයෙන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න ගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ මැතිවරණය හේතුවෙන් අදාළ සමීක්ෂණ කටයුතු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දී තිබෙන බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us