උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානයත් නවතී  

Published in පුවත්
Wednesday, 02 October 2024 10:48

“උරුමය’’ වැඩසටහන යටතේ මේ වසර අවසානය වනවිටදී සින්නක්කර ඔප්පු 50,000ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද, මෙතෙක් නිකුත් කර ඇත්තේ ඔප්පු 21,000ක් පමණක් බව අනාවරණය වේ.

ජය භූමි, ස්වර්ණ භූමි ඔප්පු සහ බලපත්‍රලාභී ඉඩම් හිමියන් ලක්ෂ 20කට උරුමය වැඩසටහන ඉකුත් රජය විසින් ආරම්භ කරන ලදී. එම වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ආරවුල් රහිත ඉඩම්වලට පමණක් උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු නිකුත් කරන බවද දිස්ත්‍රික් ලේකම්වරු පවසති.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන් සියල්ල නතර කෙරිණි.

මේ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහගෙන් කරන ලද විමසීමේදී කියා සිටියේ උරුමය ඔප්පු 110,000ක් දැනට සකස් කරමින් පවතින බවය.

මෙම ඔප්පු කඩිනමින් නිකුත් කිරීම සඳහා ඉකුත් රජය විසින් වෙනම ආයතනයක් පිහිටුවීමටද සැලසුම් කර තිබිණි.

- අරුණ

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us