සීඝ්‍රයෙන් පැතිරී යන වයිරසය පාලනයට ඌරන් කඩිනමින් එන්නත්කරණයට

Published in පුවත්
Tuesday, 22 October 2024 10:57

ගොවිපොළවල් තුළ ඇති කරන ඌරන් අතර සීඝ්‍රයෙන් පැතිරී යන වයිරසය පාලනය කිරීම සඳහා එන්නත්කරණය වේගයෙන් සිදුකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (21 වැනිදා) පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ‍ රජයේ පශු වෛද්‍යවරුන්, ගොවිපොළ හිමියන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සාකච්ඡාවට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි වූවාය.

ඌරන් අතර මෙම වයිරසය පැතිර යාම නිසා ඌරන් මිය යන බව මෙම සාකච්ඡාවේදී රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සිසිර පියසිරි ඇතුළු පශු වෛද්‍යවරු පෙන්වා දුන්නේය.

කටුනායක, මත්තල ආදී ගුවන් තොටුපොළවල් සහ නැව්වලින් ඉවතලන ආහාර රට තුළට පැමිණීම වළක්වා ගැනීමට ඒවා නිසි ලෙස විනාශ කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය. මෙම ඉවතලන ආහාර තුළින් මෙරට ඌරන්ට විවිධ වයිරස් රෝග පැතිර යාමේ අවදානමක් පවතින බවද මෙහිදී පශු වෛද්‍ය අංශ කියා සිටියේය.මෙම වයිරසය හේතුවෙන් මියයන සතුන් තැන් තැන්වල නොදමා නිවැරැදි ක්‍රමයට ඉවත් කිරීම සම්බන්ධව මෙහිදී ගොවිපොළ හිමියන් දැනුවත් කෙරුණි.

කෙසේ නමුත්, වයිරසය හේතුවෙන් මියගිය ඌරන් සංඛ්‍යාව කොතෙක්දැයි ගණන් බැලීමක් සිදුවී නැති අතර, රට පුරා වයිරසය සීඝ්‍රයෙන් පැතිර යන බවට සාකච්ඡා විය. මෙම වයිරසය ඌරන් අතර පැතිර යාම වැළැක්වීම සඳහා ඌරන් එන්නත්කරණය කළයුතු බැවින් එය වේගවත්ව ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

වයිරසය ආසාදනය වී මියගිය සතුන්ගේ මස් පාරිභෝජනය නුසුදුසු බැවින් ඒ පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us