ලබන වසරේදී දුම්රිය ආරක්ෂාව අවදානම් තත්වයකට

Published in පුවත්
Tuesday, 22 October 2024 11:04

දුම්රිය ආරක්ෂක අංශයේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් සියයට හැත්තෑ පහක්ම ලබන වසරේදී විශ්‍රාම යෑමට සිටීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව අවධානම් තත්වයකට පත්ව තිබේ.

සමස්ත ආරක්ෂක නිලධාරි ප්‍රමාණයෙන් පන්සියයකට අධික පිරිසක් එකවර විශ්‍රාම ගැනීමට නියමිත බව දුම්රිය ආරක්ෂක අංශ ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

1946 වසරේ දෙවන ලෝක යුද්ධයට එක්වූ සොල්දාදුවන්ගෙන් දුම්රිය ආරක්ෂක සේවය පිහිටුවා ඇති බවත් ඉන්පසු 1988 වසරේත් ඉන් පසු වසරකදීත් පමණක් ආරක්ෂකයන් බඳවාගෙන ඇති බවත් කී එම නිලධාරියා සමස්ත කාර්ය මණ්ඩලයෙන් සියයට හැත්තෑ පහක්ම 1988 වසරේදී බැඳුණු ආරක්ෂක නිලධාරින් බවද කියා සිටියේය.

දුම්රිය ආරක්ෂක සේවයට 719 දෙනෙකු සිටිය යුතු මුත් මේ වනවිට සිටින්නේ හාරසියයකටත් අඩු ආරක්ෂක නිලධාරින් පිරිසක් බවත් නිසි බඳවා ගැනීම් වසර ගණනාවක් මුළුල්ලේ සිදුනොවීම මත දුම්රිය දෙපාර්තමේන්තුවට ආරක්ෂාව සැපයීමද ගැටලුකාරී තත්ත්වයකට ලක්ව ඇති බවත් කී එම නිලධාරියා මේ හේතුවෙන් දුම්රිය අංගනවල සොරකම් මෙන්ම දුම්රිය තුළ ගමන් කරන මගීන්ගේ රන් ආභරණ පවා කොල්ලකන තත්ත්වයක් මතුව තිබෙන බවය. ප්‍රමාණවත් ආරක්ෂක අංශයක් යොදවා ඇත්නම් මෙවැනි අපරාද අවම කරගත හැකි බවද එම නිලධාරියා සඳහන් කර සිටියේය.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us