2025 වසර තෙක් සහල් මිල වෙනස් නොවේ Featured

Published in පුවත්
Saturday, 26 October 2024 09:51

ලබන වසරේ (2025) ජනවාරි මාසය තෙක් සහල් මිල ගණන් අඩු කිරීමට නොහැකි බව සහල් ව්‍යාපාරිකයෝ පවසති.

පාලන මිලට සහල් සැපයීමට මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයකු ජනාධිපතිවරයා සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළකළද, ඔහු විසින්ද සහල් තොග තවමත් සපයන්නේ වැඩි මිලට බවද සහල් තොග ව්‍යාපාරිකයෝ කියා සිටිති.

නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220ක පාලන මිලක් නියම කර ඇතත්, නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 230ක් දක්වා වැඩිවී ඇතැයිද ඔවුහු පවසති. වී මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සහල් වැඩි මිලට අලෙවි කිරීමට සිදුවී ඇතැයිද ඔවුන් කියා සිටිති.

නාඩු වී කිලෝවක් රුපියල් 132ත් 135ත් අතර මිලකද, සම්බා වී කිලෝවක් රුපියල් 129ක් වන බවද සහල් ව්‍යාපාරිකයෝ පවසති. පසුගිය කාලයේදී කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 400 ඉක්මවා යාම හේතුවෙන් ඉකුත් යල කන්නයේදී ගොවීන් වැඩි වශයෙන් කීරි සම්බා වී වගා කළ බවත්, නාඩු වී අඩුවෙන් වගා කිරීම නිසා රට තුළ නාඩු සහල් හිඟයක් පවතින බවත් සහල් තොග ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

මේ වනවිට සම්බා සහල් කිලෝවක් රුපියල් 234ක තොග මිලකටද, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 240ක තොග මිලකටද අලෙවි කෙරේ.

මෙවර මහ කන්නයේ (2024/25) වී අස්වනු ලැබෙන්නේ ලබන ජනවාරි මාසයේදී බැවින්, සහල් මිල අඩු වන්නේ එම වී අස්වනු ලැබීමෙන් පසුව බව වී මෝල් හිමියෝ සහ සහල් ව්‍යාපාරිකයෝ පවසති.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us