ලුණු හිගයක්

Published in පුවත්
Saturday, 26 October 2024 10:03

දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් දීමේ අවදානමක් රට තුළ උද්ගත වී ඇතැයි වාර්තා වේ.

දේශීය වශයෙන් ලුණු නිෂ්පාදනය කෙරෙන්නේ පුත්තලම, පලාවිය හා හම්බන්තොට ලුණු ලේවායන් ආශ්‍රිතවය. මෙම වර්ෂයේදී මාස ගණනාවක් තිස්සේ එම ප්‍රදේශවලට වැසි ඇද හැළීම හේතුවෙන් ලුණු නිෂ්පාදනයට අවශ්‍ය සූර්යාලෝකය ලැබීමට බාධා සිදුව තිබිණි.

මේ හේතුවෙන් අපේක්ෂිත ලුණු නිෂ්පාදනය ළඟා කරගැනීමට නොහැකි වී ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට ලුණු නිකුත් කිරීමට නොහැකි වනු ඇතැයි පලාවිය ලුණු සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රණසිංහ බණ්ඩාර කීවේය.

මෙරට වාර්ෂික ලුණු පරිභෝජනය මෙට්‍රික් ටොන් 125,000ත් 150,000ත් අතර ප්‍රමාණයක් වන අතර ඉන් වැඩිම නිෂ්පාදනයක් කෙරෙන්නේ පුත්තලම පලාවිය ආශ්‍රිතව පවත්වාගෙන යන කර්මාන්තශාලාවලිනි. එහෙත් අපේක්ෂිත ලුණු අස්වැන්න ගැනීමට හැකිව තිබුණේ මේ වසරේ මාර්තු මස අග සහ අප්‍රේල් මුල් කාලයේදී පමණි. මැයි මාසයේදී ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ලුණු මෙට්‍රික් ටොන් දසදහසක ප්‍රමාණයක් විනාශ වී ඇතැයි පලාවිය ලුණු සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රණසිංහ බණ්ඩාර කීවේය.

මේ වන විට පාත්තිවල යම් තරමකට ලුණු නිෂ්පාදනය වී තිබුණත් ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් අස්වැන්න ලබා ගැනීමට හැකියාවක් නොමැති බවද හෙතෙම කීවේය. මේ වන විට මෙට්‍රික් ටොන් දහඅටදහසක් පමණ ගබඩා කර ඇති බවද ඔහු කීවේය.

හම්බන්තොට ආශ්‍රිතවද දිගින් දිගටම වර්ෂාපතනය ඇදහැලීම හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වී ඇති බව හම්බන්තොට ලුණු සමාගමේ විධායක නිලධාරිවරයා පැවැසීය. කෙසේවුවද ඔහු පැවැසූයේ ඉදිරි කාලයේදී රටේ ලුණු ගිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි. මාස තුනකට ප්‍රමාණවත් පරිදි ලුණු තොගයක් පවතින බවත් ඉදිරි මාස දෙකේදී ප්‍රමාණවත් පරිදි අස්වනු ලබාගත හැකි බවට විශ්වාස කරන බවද හෙතෙම කීවේය.

කෙසේවුවද වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙම වසරේදී හම්බන්තොට ලුණු ලේවායේ අපේක්ෂිත ලුණු නිෂ්පාදනය සපුරාගත නොහැකි වී ඇති බවයි. අයපහත් කාලගුණය සහ කළමනාකරණ දුර්වලතා හේතුවෙන් මෙට්‍රික් ටොන් පනස්දහසක් පමණ අහිමිවී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. කර්මාන්තකරුවන්ට ලුණු නිකුත් කිරීමේ ප්‍රමාදයක් නිරීක්ෂණය වී ඇති බවද වාර්තා වේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us