පොහොට්ටුවේ හිටපු කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිවසේ ඇඳ මතදීම ඝාතනය කරයි

Published in පුවත්
Tuesday, 29 October 2024 10:12

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුලස්ති ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැට ගසා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ.

ඊයේ (28) උදෑසන කාලයේදී කෑගල්ල, කොස්සින්න ප්‍රදේශයේ දී එම සිදුවීම වාර්තා වී ඇති අතර මරණකරු වයස අවුරුදු 75ක් වූ බුළුරුප්ප, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුගේ බිරිඳගේ මුවෙහි ප්ලාස්ටර් අලවා නිවසේ අල්මාරි සියල්ල විවෘත කර තිබූ බව පොලීසිය පැවසීය.

එම කාන්තාවටද සැකකරුවන් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටියදී පොලිසිය විසින් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

සොරකම් කරන ලද මෝටර් රථය පින්දෙණිය පොලිස් වසමේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබේ.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පහරදිමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us