ලබන වසර වන විට රෝහල් වලට විශේෂඥ වෛද්‍යවරුන් 3500 කගේ හිගයක් Featured

Published in පුවත්
Thursday, 14 November 2024 08:13

මෙරට රෝහල් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් අටසියයකගේ පමණ පුරප්පාඩු පවතින බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය මත ඉදිරියේදි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදි ගැටලු රැසකට මුහුණු දීමට සිදුවන බවද රෝහල් බලධාරිහු පෙන්වා දුන්හ.

මේ අතර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතින බවද පැවසේ.

2025 වසර වන විට මෙරට රෝහල් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තුන්දහස් පන්සියයකගේ පමණ අවශ්‍යතාවක් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබුණද එම පුරප්පාඩු පිරවිමට විශේෂඥ වෛද්‍යවරු නොමැති බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න ප්‍රකාශ කළේ විශේෂඥ වෛද්‍යවරුන් පුහුණුව සඳහා විදෙස් ගතවූ පසු නැවත මෙරටට නොපැමිණීම විශේෂඥ වෛද්‍යවරු හිඟ වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

එසේම විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණුවීම සඳහා වෛද්‍යවරුන්ගේ උනන්දුව අඩුවීමද මෙම තත්ත්වයට හේතුවී ඇති බව හෙතෙම සඳහන් කළේය.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us