දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය  

Published in පුවත්
Thursday, 14 November 2024 18:25

2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කර තිබේ.

ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත පරිදි වේ.

කොළඹ - 65%
නුවරඑළිය - 68%
කුරුණෑගල - 64%
මඩකලපුව - 61%
මාතර - 64%
පුත්තලම - 56%
අනුරාධපුර - 65%
බදුල්ල - 66%
මන්නාරම - 70%
ත්‍රිකුණාමලය - 67%
මුලතිව් - 63%ක්
පොළොන්නරුව - 65%
රත්නපුර - 65%
ගාල්ල - 64%
යාපනය - 69%
හම්බන්තොට - 60%
මාතලේ - 67%
කෑගල්ල - 65%
මොනරාගල - 63%
වව්නියාව - 65%
කිලිනොච්චිය - 62%
මහනුවර - 62%
කළුතර - 64%
අම්පාර - 62%
ගම්පහ - 66%

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ වූ අතර එම කටයුතු පස්වරු 4ට අවසන් කෙරුණි.

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙකි.

ඒ අනුව අද දිනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සමස්ථයක් ලෙස සාමකාමීව සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 80,000ක් පමණ වේ.

පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us