ඇමැති විශ්‍රාම වැ‍ටුපත් අහෝසියි. රජයේ සුඛෝපභෝගී වාහනත්  විකුණා දමයි ?

Published in පුවත්
Friday, 29 November 2024 09:52

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


මේ අතර දැනට අමාත්‍යාංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150ක්‌ විකිණීම සඳහා කැබිනට්‌ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු
'කරගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන්‌ කළේය.

මන්ත්‍රීවරුන්ට වී 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත.

එසේම මැති ඇමැතිවරුන්ගේ වැටුප්‌ හා දීමනා සම්බන්ධයෙන්‌ කරුණු සමාලෝචනයක්‌ කර තීරණයක්‌ ගන්නා බව ද එම ආරංචි මාර්ග
සඳහන්‌ කරයි.

මන්ත්‍රීවරුන්ට ගිනි අවි සහ ගිනි අවි පුහුණුව ලබාදීම මහජන නියෝජිතයන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන්‌ මෙතෙක්‌ තීරණයක්‌ ගෙන
නොමැත.

මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්‌ විශේෂ කමිටුවක්‌ පසුගියදා
පත්‌ කරනු ලැබීය. එම කමිටුවේ නිර්දේශය ද සැලකිල්ලට ගෙන මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද තීරණය කෙරෙනු ඇතැයි දැනගන්නට
ඇත.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන්‌ අප පාර්ලිමේන්තුව නිලධාරියකුගෙන්‌ ඊයේ කළ විමසුමකදී ඔහු පැවැසුවේ රජයෙන්‌ තවමත්‌ ඒ
සම්බන්ධයෙන්‌ නිල වශයෙන්‌ දැනුම්‌ දීමක්‌ කර නැති බවයි.

එතෙක්‌ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නිවාස ඇතුළු අනෙකුත්‌ පහසුකම්‌ සම්බන්ධයෙන්‌ කටයුතු කරගෙන යන බව ද ඔහු සඳහන්‌ කළේය.
මන්ත්‍රීවරුන්‌ සඳහා පසුගියදා පැවැති වැඩමුළුවේ දී ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන්‌ කරුණු පැහැදිලි කිරීමට නියමිතව තිබුණ ද එය
සිදුව නැතැයි වාර්තා වෙයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us