සුඛෝපභෝගී ඇමති බංගලා නිවස්න 31 කට කරන්න යන දේ

Published in පුවත්
Friday, 29 November 2024 09:56

පසුගිය රජයන්වල අමාත්‍යවරුන්ට ලබා දී තිබූ නිවාස 31 සඳහා ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව අවසන් තීරණයක් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්ගෙන් ලිඛිතව විමසා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මෙම සුඛෝපභෝගී ඇමති බංගලා නිවස්න කුලී පදනම මත ලබා ගැනීමට රජයේ ආයතන කිහිපයක් දැඩි තරගයක නිරත වීම මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

තමන් වසර ගණනක සිට රුපියල් කෝටි ගණන් වියදම් කරමින් පෞද්ගලික ගොඩනැගිලිවල කුලියට සිටින බවත් වත්මන් ඇමැතිවරුන් මෙම සුඛෝපභෝගී ඇමති බංගලා භාවිත නොකිරීමට ගත් තීරණයත් සමග හිස්වන එම බංගලා නිවස්න සාධාරණ කුලී මුදලකට රාජ්‍ය පාර්ශ්වයන් වන තම ආයතනයට ලබා දෙන ලෙස ද දැනටමත් ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇත.

මෙම දැනුම් දීම සම්බන්ධයෙන් දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්වරයාගෙන් මීට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මෙලෙස ලිඛිතව දැනුම් දී තිබේ.

කොළඹ 05, කොළඹ 07, කේන්ද්‍ර කරගත් ඇමති බංගලා නිවාස 31 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සතු වේ.

එනම්, විජේරාම මාවත, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, ග්‍රෙගරි මාවත, බෞද්ධාලෝක මාවත, කැප්පෙටිපොළ මාවත, ස්ටැන්ලි යනාදී ප්‍රදේශවල මෙම බංගලා නිවාස පිහිටා ඇත.

ඇතැම් බංගලා නිවාස අක්කර එකහමාරක පමණ භුමි සීමාවල පිහිටා තිබේ.

 

මව්බිම

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us