සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවීමට රජයේ අවධානය

Published in පුවත්
Tuesday, 03 December 2024 08:55

මෙරට සහල් අර්බුදයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමට රජයේ අවධානය යොමුවී ඇතැයි පැවැසේ.

සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවෙන් “ස්වර්ණ නාඩු“සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමටද පසුගිය සතියේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබිණි.

කෙසේ නමුත්, ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් රජයෙන් ඉල්ලා සිටියේ සහල් ආනයනය සඳහා තමන්ට අවස්ථාව ලබා දීමට කටයුතු කළහොත් සති දෙකකට අඩු කාලයක් තුළදී සහල් ආනයනය කිරීමට හැකි බවය.

සහල් ආනයනයට අවස්ථාව ලබාදුනහොත් මෙමස 15 වැනිදාට පෙර සහල් ආනයනය කිරීමට හැකියාවක් ඇත්දැයි රජය ආනයනකරුවන්ගෙන් විමසා ඇති අතර, එහිදී ආනයනකරුවන් පවසා ඇත්තේ තමන්ට අවස්ථාවක් ලබාදුනහොත් කඩිනමින් සහල් ආනයනය කරන බවය.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02 වැනිදා) පැවැත්විණි. ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට පෙන්වා දුන්නේය.

 

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us