හාල්-පොල් අඩු මිළට විකිණීම රජය භාරගනියි. යන්න සතොසට

Published in පුවත්
Wednesday, 04 December 2024 19:32

වෙළඳපොළ තුළ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස අද (දෙසැ. 4) සිට දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 2ක් බැගින් සතොස මගින් බෙදා හැරීමට රජය තීරණය කර තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සතොස හරහා සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 220කට මිල දී ගැනීමට හැකි බව ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සහල් නිදහස් කිරීමට නොහැකි වී ඇත්තේ බැංකුවල පවතින ගැටලුවක් නිසා බව මෝල් හිමියන් ප්‍රකාශ කළ බව ය.

එමෙන්ම ඉදිරි සති දෙක ඇතුළත පොල් ගෙඩි ලක්ෂ 10ක් තදාසන්න ප්‍රදේශවල බෙදා හැරීමට කටයුතු කරන බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඒ අනුව, පොල් ගෙඩියක් රුපියල් 130ක මුදලකට සතොස හරහා ජනතාවට ලබා ගැනීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, නගරාසන්න ප්‍රදේශවල සිටින ජනතාව උග්‍ර පොල් ගැටලුවකට මුහුණ දෙන බව ත් එයට විසඳුම් ලෙස රජයේ ආයතන සතු වතුවල ඇති පොල් නිෂ්පාදන මෙලෙස ඉදිරි සති දෙක ඇතුළත ලබා ගැනීමට අමාත්‍යාංශ හරහා කටයුතු කරන බව ත් ය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us