මත්පැන් බලපත්‍ර 361 ම දේශපාලන අල්ලස් - අමාත්‍ය බිමල් රත්නායක  

Published in පුවත්
Wednesday, 04 December 2024 21:22

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (4) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉන් වැඩිම බලපත්‍ර ප්‍රමාණයක් ලබා දී ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර, එම ප්‍රමාණය 110ක් බව හෙතෙම පැවසීය.

ඊට අමතරව දකුණු පළාතට බලපත්‍ර 48ක්, උතුරට 32ක්, නැගෙනහිරට 22ක්, මධ්‍යමට 45ක්, උතුරු මැදට 14ක්, වයඹට 30ක්, ඌව හා සබරගමුවට 30 බැගින් මෙම බලපත්‍ර ලබාදී ඇති බව පැවසීය.

මෙම ලබාදුන් බලපත්‍රවලින් 172ක් ලබාදී ඇත්තේ මත්පැන් සිල්ලරට විකිණීම (වයින් ස්ටෝස්) හෙවත් FL- 4 කාණ්ඩය යටතේ ලබාදෙන බලපත්‍ර බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක් වූ සභානායක බිමල් රත්නායක මහතා,

"මේ බලපත්‍ර දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් බව පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමතියි"

adaderana

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us