ලුනු හිඟයක්

Published in පුවත්
Thursday, 05 December 2024 09:33

පසුගිය වසර එක හමාරක පමණ කාලයක් පැවැති වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ප්‍රමාණවත් තරම් ලුනු නිෂ්පාදනයට නොහැකි වීමෙන් ඉදිරි උත්සව සමයේදී ලුණු හිඟයක් ඇති වී ඒ හරහා මිල ඉහළ යාමට හැකි බවට ව්‍යාපාරිකයෝ අනතුරු අඟවති.

එම නිසා ඊට පිළියමක් ලෙස ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ කඩිනමින් ඉන්දියාවෙන් ලුනු ආනයනය කළ යුතු බවය.

වර්ෂාව හේතුවෙන්ලුනු නිෂ්පාදනයක් සිදු වී නොමැති අතර ඉතා සුළු වශයෙන් හෝ ලේවායන්වල නිෂ්පාදනය වූ ලුනු වැස්ස හේතුවෙන් නෙළා ගැනීමටද ව්‍යාපාරිකයන්ට නොහැකි වී ඇත.

මේ අතර වැසි ජලය ලුනු පාත්තිවලට එකතු වීම නිසා විශාල වශයෙන් ලුණු දියවී විනාශයට පත්ව ඇති බවද ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

සෞඛ්‍ය අංශ සඳහන් කරන ආකාරයට පුද්ගලයකු දිනකට සාමන්‍යයෙන් ලුනු ග්‍රෑම් 05ක ප්‍රමාණයක් ආහාරයට ගත යුතු වේ.

ඊට අමතරව කෙටි ආහාර සහ කරවල නිෂ්පාදනයටද ලුණු කිසියම් ප්‍රමාණයක් භාවිත කරන අතර තවත් පිරිසක් කෘෂිකාර්මික කටයුතුවලටද ලුනු යොදා ගනිති.

ඒ අනුව බලන විට වසරකට අවම වශයෙන් ලුනු මෙට්‍රික් ටොන් 38325ත්, මෙට්‍රික් ටොන් 46,000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.

හම්බන්තොට, පුත්තලම, යාපනය සහ මන්නාරම ප්‍රදේශයේ ඇති පෞද්ගලික සහ රජයේ ලේවායන්වල පමණක් මෙරට ලුනු නිෂ්පාදය කරති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us