හානි වූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ඉල්ලයි

Published in පුවත්
Thursday, 05 December 2024 09:53

අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හානි වූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අවශ්‍ය බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.

එහි සභාපති පුංචිරාළ රත්නායක මහතා පෙන්වා දෙන්නේ අක්කරයක් වගා කිරීම සඳහා ඊට වඩා මුදල් ප්‍රමාණයක් වැය වී ඇති බවයි.

නව රජය කළ යුතුව ඇත්තේ පරණ චක්‍රලේඛ අහෝසිකර ගොවියාට රුපියල් ලක්ෂයක් ලබා දෙන වැඩපිළිවෙළ සකස් කිරීම බවයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරැනාරත්න මහතා අරගල කළේද වගාහානි වන්දි වැඩිකර ගැනීමට පවසන ඔහු දැන් නාමල් කරුණාරත්න මහතාට ලක්ෂයක් ලබාදීමට කටයුතු කළ හැකි බවද කියා සිටියේය.

එහෙම නොවන්නේ නම් මෙම රජයටද එරෙහිව තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් ඒ මහතා අනුරාධපුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

 

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us