ගාලු පෝට් සිටියේ මුහුද ගොඩකරනවාට රජය විරුද්ධයි

Published in පුවත්
Monday, 16 December 2024 09:28

 යෝජිත ගාල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම පිළිබඳ සැලැස්ම රජය පිළිනොගන්නා බව ත් එම සැලැස්ම ක්‍රියාත්මක නොකරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

ගාල්ල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මේ පිළිබඳ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

හෙතෙම මෙසේද කීවේය.

ගාල්ල වරාය නගර සංවර්ධන සැලැසුම පසුගිය රජය කාලයේ මේ පළාතේ හිටපු ඇමතිවරු හදලා තිබුණු එකක්. එම සැලැස්ම අපි පිළිගන්නේ නැහැ. ඒක අපි හදපු එකක් නෙවෙයි. ගාල්ල වරායේ සිට රූමස්සල දක්වා සංවේදී ප්‍රදේශය ගොඩකරන්න තමයි මෙම ව්‍යාපෘතිය හදලා තියෙන්නේ. මේක පිස්සුවක්. හිසේ අමාරුවක් වගේ වැඩක්.

මේ ව්‍යාපෘතිය සඳහා කොහෙන් හරි මුදල් එන්න ඇති. මුදල් එන කාලයේ මෙකී ව්‍යාපෘතිය සැලසුම් කිරීමට වියදම් කරන්න ඇති. අපේ රජය මගින් කාල බීලා හෝටල්වල ඉඳලා හදපු මෙවැනි සැලසුම් පැත්තකට දමනවා. වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිවලින් වූ විනාශය අපි දන්නවා” යැයිද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේය.

යෝජිත ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුද ගොඩකිරීම පිළිබඳ පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කොට තිබිණි.

මව්බිම

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us