බිල් නොගෙවීම නිසා නිවාස 559,949ක, කර්මාන්තශාලා 8579 ක, ආගමික ස්ථාන 2090 ක විදුලි විසන්ධි කරලා  

Published in පුවත්
Monday, 16 December 2024 09:37

මේ වසරේ මුල් මාස හයට නිසි ලෙස විදුලි බිල ගෙවීමට නොහැකිවූ නිවාස පන්ලක්ෂ පන්දාස් නවසිය හතළිස් නවයක විදුලිය විසන්ධි කර ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කරයි.

එම නිසා වහාම විදුලි බිල අඩුකර ජනතාවට සහන දීමට බලධාරීන් ක්‍රියා කර යුතුව ඇතැයි ද හෙතෙම ඊයේ (15 දා) පැවසීය.

විදුලි බල මණ්ඩලයේ දත්ත පදනම් කර ගනිමින් තමන් මෙම කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කරන ධම්මික මහතා 2023 වර්ෂය පුරාවටම විදුලිය විසන්ධි කර ඇත්තේ නිවාස හත්ලක්ෂ අනූතුන්දහස් එකසිය අනූ දෙකක පමණක් බවද සඳහන් කරයි.

ධම්මික මහතා මෙසේද කීවේය.

මේ වසරේ ජුනිවලින් අවසන් වන මුල් මාස හයට නිවාස පන්ලක්ෂ පන්දාස් නවසිය හතලිස් නවයකත්, කර්මාන්තශාලා අටදාස් පන්සිය හැත්තෑ නවයකත්, ආගමික ස්ථාන දෙදහස් අනූවකත්, හෝටල් තිස්නවයකත්, රාජ්‍ය අංශයේ ස්ථාන තුන්සිය පනස් තුනකත්, මීට අමතරව තවත් ස්ථාන (වෙනත්) එක්ලක්ෂ එකොළොස් දහස් දෙසිය හැත්ත හයකත් විදුලිය විසන්ධි කර තිබෙනවා. ඒ අනුව කාණ්ඩ හයක් යටතේ හයලක්ෂ විසිඅට දහස් දෙසීය අසූ හයක විදුලිය විසන්ධි කර තිබෙනවා. මෙහෙම විදුලිය විසන්ධි වෙලා තියෙන්නේ ඒ අයට බිල් ගෙවා ගන්න ශක්තිය නැති නිසා. එහෙම බැරි වුණේ දරාගන්න බැරි විදුලි බිලක් එන හින්දා. ඒ නිසා කරුණාකරල කල් යවන්නේ නැතුව විදුලි සහනය දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. පනතට අනුව සාධාරණ පිරිවැය මත පදනම්ව ගණනය කළා නම් ජනතාව මෙච්චර අපහසුතාවට පත්වන්නේ නෑ.

2023 වර්ෂයේ සමස්ත විදුලි කප්පාදු කිරීම් ප්‍රමාණය නවලක්ෂ හැත්තෑදහස් නවසිය තිස්තුනයි. ඒ අනුව ඒ වර්ෂයේදී සාමාන්‍යයෙන් දිනකට ස්ථාන 2660ක විදුලිය විසන්ධි කළා. නමුත් මේ වර්ෂයේ මුල් මාස හය හා සංසන්දනයේදී දිනකට විදුලි විසන්ධි කිරීම් 3443 ක් සිදු වෙනවා. ඒක සීයට විසිනවයක වැඩිවීමක්. ඒ නිසා වහාම විදුලි බිල අඩුකරන්න.

divaina

Last modified on Monday, 16 December 2024 09:37

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us