යාපනයේ මී උණ වෛරසයේ පැතිරීම සීග්‍රයෙන්

Published in පුවත්
Wednesday, 18 December 2024 07:40

යාපනය දිස්ත්‍රික්කය තුල මේ වන විට සීග්‍රයෙන් මී උණ වෛරසය පැතිරෙමින් පවතින බව උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් පෙන්වා දෙයි.

මේවන විට රෝගීන් 89 දෙනෙකු නිශ්චිතව හඳුනාගෙන ඇතැයිද , හඳුනා නොගත් රෝගීන්ද තවත් උතුරු පලාතේ රෝහල්හි ප්‍රතිකාර ලබමින් සිටිය හැකි බවටද සෞඛ්‍ය කාර්යාලය කියයි.

ගෙවී ගිය මාසයකට ආසන්න කාලය තුලදී මී උණ රෝගීන් 89 දෙනා හඳුනාගත් අතරම මේ වන විටත් පේදුරුතුඩුව රෝහලේ රෝගීන් 21 දෙනෙකු සහ යපනය ශික්ෂණ රෝහලේ රෝගීන් 11 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරම ගෙවී ගිය පැය 24 ක කාලය තුලදී පේදුරුතුඩුව රෝහලට මී උණ වැළඳුනු රෝගීන් 9 දෙනෙකු සහ යපනය රෝහලට රෝගීන් 4 දෙනෙකු ඇතුලු වී ප්‍රතිකාර ලබමින් සිටින බවටද වාර්ථා පෙන්වා දෙයි.

මේ අතර මී උණ වෛරසය වැලක්වීම සඳහා ධීවර කර්මාන්තයේ යෙදෙන මිරිදිය කරදිය සියලු ධීවරයින්ට මෙන්ම , ගොවීන්ට, නගරසභා මෙන්ම ප්‍රාදේශීය සභා සනීපාරක්ෂක සේවකයින්ටද ඖෂධ මෙන්ම ප්‍රතිජීවක එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us