අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී තෙල් අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු කති

Published in පුවත්
Wednesday, 18 December 2024 07:54

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනතා මුදලින් කජු කන බව සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙලෙස කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ආනන්ද පාලිත මෙසේ ද කියා සිටියේය

‘‘හිටපු ජනාධිපති සීයා කජු කනවා කියල තමයි කිව්වේ. නමුත් දැන් ඉන්න ආණ්ඩුවේ අයත් ඒ කජුම කනවා. තෙල් සංස්ථාවේ අයත් හොඳටම කජු කනවා දැන්. නමුත් ඔවුන් බැන්නේ කලින් ආණ්ඩුවට. දැන් සංස්ථාවේ සභාපතිත් කජු කනවා. මොකද ආණ්ඩුවේ අයත් ඒකම කළානේ. ඒ හින්දා මෙයාලටත් දැන් කජු කන්න හිතිලා තියෙන්නේ. රාජගිරිය කජු සංස්ථාවේ බිල් අංක දහතුනයි එකසිය හැත්තෑ දෙකට අනුව රුපියල් දහතුන් දහසක කජු අරගෙන තියනවා.
සුපිරි වෙළෙඳසලකිනුත් අරගෙන තියනවා. මේ ඔක්කොම කජු කාලා තියෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ අය තමයි රැස්වීම් වලදී. වංචාව දූෂණය නැති කරනවා කියල තමයි ආවේ. මේ ආණ්ඩුව වත්මත් රජය මේ වන විට සියයට 137 ඉක්මවූ බදු ආදායමක් ඉන්ධනවලින් ලබා තිබෙනවා. ආණ්ඩුව තෙල් හිඟයක් ඉදිරියේදී නොපැමිණෙන බව පැවසුවත් අනිවාර්යයෙන් එවැනි ගැටලුවක් පැමිණෙනවා.

හරවා යැවූ ඉන්ධන නැව යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට අයිති එකක් වුවත් තෙල් සංස්ථාව එම සමාගමට ඉන්ධන ලබාදීමට ගියහොත් ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සංචිත අවම වෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා මේ වින විට සිදුකරන්නේ ජනතාව මුලා කරගනිමින් අසත්‍ය පතුරවන එක. කලක් තෙල් සංස්ථා සේවකයකුව සිටි වත්මන් සභාපතිවරයා ලක්ෂ හය ඉක්මවූ වැටුපක් ලබනවා. ආයතන දෙක සඳහාම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වෙනුවෙන් ඔහු දීමනා ලබාගන්නවා.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us