නිවාස නොමැති අයගේ තොරතුරු සංගණනය අද ඇරඹේ Featured

Published in පුවත්
Wednesday, 18 December 2024 08:01

ජන හා නිවාස සංගණනයට අදාළව ‘හිසට වහළක් නොමැති ජනතාවගේ’ තොරතුරු සංගණනය අද (18 වැනිදා) රාත්‍රි සිදු කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූජා සෙනෙවිරත්න පැවැසුවාය.

පදිංචියට නිවසක් නොමැති අයවලුන් සිටින ස්ථාන ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත්, ඒ අනුව දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්ය මණ්ඩල නිලධාරීන් එම ජනතාව සමීක්ෂණය කිරීමේ කටයුතු අද රාත්‍රි 8 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා සිදු කිරීමට නියමිත බවත් ඇය කියා සිටියාය.

ජන සංගණනයේදී කිසිදු පුද්ගලයකු මග නොහැරෙන ලෙස කටයුතු කරන බවත්, එහිදී හිසට වහලක් නොමැති අයද සංගණනයට එකතු කරගන්නා බවත් ඇය කීවාය.

මෙවර සංගණනයේ තොරතුරු රැස් කිරීම සඳහා නිලධාරීන් 35,000 ක් පමණ යොදවා සිටින බවද ඇය කීවාය.

නිවාසවලින් පසුගිය දිනවල ලබාගත් තොරතුරුවලට අදාළව උපත්, මරණ, සංක්‍රමණ (විදෙස්ගත වීම්, රටේ වෙනත් ප්‍රදේශයක පදිංචියට යාම) ආදී තොරතුරු යළි පරීක්ෂා කිරීමේ කටයුතු හෙට (19 වැනිදා) සිට මේ මස 23 වැනිදා තෙක් කාලය තුළදී සිදුකරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියාය.

 

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us