අධිවේගයේ රිය අනතුරු නිසා පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Published in පුවත්
Wednesday, 18 December 2024 09:36

2024 වසරේ දෙසැම්බර් 14 දක්වා කාලසීමාව තුළ අධිවේගී මාර්ගවල සිදුවූ මාරක රිය අනතුරු 12කින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, පුද්ගලයින් 05 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 77 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවය.

එමෙන්ම මෙම රිය අනතුරුවලින් දේපල හානි 404ක් වාර්තා වී තිබේ.

මෙම අනතුරුවලින් බොහොමයක් සිදුව ඇත්තේ වේගය පාලනය කර ගත නොහැකිව බව පොලීසිය පවසයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා,

"ශ්‍රී ලංකාවේ දැනට පවතින අධිවේගී මාර්ගයේවල මේ දක්වා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගල ජීවිත හානී 16ක් වගේම, බරපතළ තුවාල සිදුවීම් 05ක් වාර්තා වෙනවා. මෙම අනතුරුවලට පදනම් වූ කරුණු මොනවද කියලා විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. එතනදි ප්‍රධාන කරුණු දෙකක් තමයි මේකට හේතු වෙන්නේ එකක් තමයි අපරික්ෂාකරී සහ නොසැලකිලිමත් රිය ධාවනය, දෙවන කාරණය තමයි රියදුරාට තියෙන අධික තෙහෙට්ටුව. ඒ නිසා ශ්‍රී ලංකා පොලීසිය විදිහට අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ අධිවේගි මාර්ගයේ රිය ධාවනය කරන කොට මාර්ග නීතිඋල්ලංඝනය කරමින් රිය ධාවනය කරන්න එපා. මොකද අධිවේගී මාර්ගයේදී ඔබ ගමන්ගන්නා වේගය සාමාන්‍ය මාර්ගයේ ගමන්ගන්නා වේගයට වඩා ඉහළයි. එම නිසා ඒ අවස්ථාවේදී අනතුරක් සිදුවුණත් බොහෝවිට ඔබගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා රිය ධාවනය කරනකොට තෙහෙට්ටුවෙන් නම් කිසිම වෙලාවක රිය ධාවනය කරන්න එපා."

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us