බස්නාහිර පළාතට ගුරු පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක්

Published in පුවත්
Wednesday, 18 December 2024 09:40

බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය පවසයි.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණය යන විෂයන්ට අදාළ ගුරු හිඟය උග්‍ර බවයි.

මීට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වන ගුරු හිඟයක් පවතින බව ද ඇය සඳහන් කළා ය.

මීට පිළියමක් ලෙස යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවේ අවධානය යොමු කර ඇති බව ද ලේකම්වරිය පැවසුවාය.

ඒ අනුව පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලවලින් පිට වූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතයි.

දැනට පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් පිරිසක් ද සුදුසුකම් මත ගුරු සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ප්‍රධාන ලේකම්වරිය පැවසුවාය.

පසුගිය කාලයේ පැවැත් වූ තරග විභාගයෙන් සමත්වූ උපාධිධාරීන් 3900කට අධික සංඛ්‍යාවක් බස්නාහිර පළාත් ගුරු සේවයට බඳවා ගැණුනි.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us