ජන හා නිවාස සංගණනය අවසන් - පළමු වාර්තාව මසක් තුළ

Published in පුවත්
Thursday, 19 December 2024 08:07

මෙවර ජන හා නිවාස සංගණනයට අදාළව හිසට වහලක් නොමැති පුද්ගලයින්ගේ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඊයේ (18) දිනයේ සිදුකර තිබේ.

ඊයේ රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම තොරතුරු රැස් කිරීම් සිදුකෙරුණු බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.

ඒ අනුව මෙවර සංගණනයේ කටයුතු අවසන් කෙරුණ අතර ඉදිරි දින 05ක කාලය සංගණන කටයුතු යාවත්කාලීන කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

පසුගිය ඔක්තෝබර් 07 වන දින සිට ‍ජන හා නිවාස සංගණනයේ පුද්ගලයින්ගේ සහ නිවාසවල තොරතුරු රැස්කිරීමේ කටයුතු ආරම්භ කෙරුණි.

මේ දක්වා තොරතුරු ලබාගැනීම සඳහා නිවෙස් වෙත සංගණන නිල‍ධාරී පැමිණ නොමැති නම් ඒ පිළිබඳව 1901 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම්දෙන ලෙස ද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

සංගණන කටයුතු යාවත්කාලීන කිරීමෙන් අනතුරුව මාසයක් ඇතුළත මූලික වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us