සහල් තොග නොලැබීමෙන් වෙළෙඳපොළ පාළුවට Featured

Published in පුවත්
Thursday, 19 December 2024 08:15

ප්‍රමාණවත් සහල් තොග නොලැබීම හේතුවෙන් මරඳගහමුල සහල් තොග වෙළෙඳපොළ ඊයේ (18 වැනිදා) පාළු ස්වභාවයක් ගෙන තිබිණි.

බොහොමයක් සහල් වර්ග මරඳගහමුල තොග වෙළඳපොළේ මිලදී ගැනීමට නොමැති වීම නිසා එහි තොග වෙළඳසල්වලින් කිහිපයක් පමණක් ඊයේ (18 වැනිදා) විවෘතව තිබී ඇත.මේ අතර මරඳගහමුල සහල් සංගමයේ සභාපති වී.කේ. රංජිත් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ මේ වනවිට එහි වෙළෙඳසල් තුනක් පමණක් විවෘතව තිබූ බවය.

"කීරි සම්බා, කැකුළු සම්බා වැනි වර්ග දෙකක් පමණක් තමයි වෙළඳපොළේ තියෙන්නේ. මේ වන විට අප සතුව ඇති වී සහල් බවට පත්කොට වෙළෙඳපොළට නිකුත් කොට අවසානයි. මරඳගහමුල සහ නිෂ්පාදනය කරන අයගේ මේ වන විට බොහොමයක් වැසී ගොස්. මරඳගහමුල නගරයේ සිල්ලර වෙළඳසල්වලත් හාල් තියෙන්නේ සුළු ප්‍රමාණයක්. පාලනයකට යටත්ව සහල් නිෂ්පාදනය කරන්න අපිට වී ලැබෙන්නෙ නෑ. දැන් වී කිලෝ එකක් රුපියල් 150ක් විතර වෙනවා. ඒ මිලට වී ගෙනත් අපිට සහ නිෂ්පාදනය කරලා විකුණන්න බැහැ. දැන් වීමෝල් අක්‍රිය වෙලා සති දෙකකටත් වඩා වැඩි කාලයක්. අපේ වෙළෙඳසල්වල තිබූ හාල් සියලුම තොග විකුණලා ඉවරයි. දැන් තියෙන්නේ කීරි සම්බා වර්ග විතරයි. අලුත් අස්වැන්න එනකල් අපේ මෝල් දිගටම වහලා තමයි තියන්න වෙලා තියෙන්නේ. අනිත් සහල්වල හිඟය නිසා කීරි සම්බවල මිලත් ඉහළ යයි. අද පොඩි පොඩි මෝල් හිමියන්ට වී ඇටයක්වත් ලැබෙන්නේ නැති හින්දා ඉතා දරුණු තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ ආනයනික හාල් වෙළෙඳපොලට ආවනම් මේ සැඟවිලා තියෙන වී ටිකත් එළියට එනවා." යැයිද සභාපතිවරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us