ලාබ අරක්කු බෝතලයට සංඝ සම්මේලනයේ දැඩි අප්‍රසාදය.

Published in පුවත්
Monday, 23 December 2024 10:51

අඩු මිලට ලබාගැනීමට හැකි නව මත්පැන් නිෂ්පාදනයක් කඩිනමින් ජනතාවට හඳුන්වාදීමට කටයුතු කරන බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සිදු කළ ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.

ඒ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිඛිතව දැනුම්දීමටයි එම සභාව කටයුතු කර ඇති අතර

මෙය අතිශය ඛේදජනක අප්‍රසන්න පුවතක් වන බවත් අතර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් ද උපදින බවත් ජාතික සංඝ සම්මේලනය එම ලිපියෙන් පෙන්වාදී තිබේ.

රටේ ක්‍රියාත්මක නීතිය (දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනත) අනුව රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාකිරීම නීතිවිරෝධී කටයුත්තක් වන බැවින්

රාජ්‍ය නිලධාරියකු ලෙස සුරාබදු කොමසාරිස් මෙම නීතිය හිතාමතාම උල්ලංඝනය වන පරිදි ක්‍රියාකරන්නේ දේශපාලන වශයෙන් ඔහුට සහයෝගයක් ලැබී තිබීම හේතුවෙන් ද යන ප්‍රශ්නය මතු වන බවත්, ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් කට්ටකඩුවේ සුමනරතන හිමි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියෙහි දැක්වේ.

sangha

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us