උඩින් ගිය කතාව බොරුවක් - පාඨලී චම්පික  

Published in පුවත්
Monday, 23 December 2024 10:55

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය පැවසූ බවට වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

හිටපු අමාත්‍යවරයා සඳහන්කර ඇත්තේ තමන් විසින් අමාත්‍ය ධුර දරන ලද කිසිදු අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හෝ රාජකාරි අවශ්‍යතා සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා පෞද්ගලිකව ලබා ගෙන නොමැති බවය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවක අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සහ හිටපු කතානායක කරු ජයසූරිය සහභාගී වූ ඇතැම් රාජ්‍ය කටයුතු සඳහා තමන් ද සහභාගී කරගත් අවස්ථා තුනක දී පමණක් ඔවුන් සමග තමන් එම අවස්ථා සඳහා සහභාගී වීමට ගුවන් යානා වලින් ගමන් ගෙන ඇති බවය ඔහු පෙන්වා දෙයි.

තමන් අමාත්‍ය ධුර දරන සමයේ අමාත්‍යාංශ සහ ඊට අනුබද්ධ ආයතන කාර්යක්ෂම සහ ඵලදායී අයුරින් පරිපාලනය කළ අයුරු සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම සඳහා එම ආයතනවල අදාළ කාල සීමාවේ කාර්ය සාධනය පිළිබඳ තොරතුරු ද, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගෙන ප්‍රකාශයට පත් කරන ලෙස ද පාඨලී වම්පික රණවක වැඩිදුරටත් සඳහන්කර සිටී.

 

cr

Last modified on Monday, 23 December 2024 11:04

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us