සැමන් සහ ලුණු සඳහා ඉදිරියේදී පාලන මිලක්

Published in පුවත්
Tuesday, 24 December 2024 08:55

සැමන් සහ ලුණු සඳහා ඉදිරියේදී පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

සැමන් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට දෛනික සැමන් ටින් අලෙවිය ලක්ෂ එක හමාරක් දක්වා අඩුවී තිබේ. අඩු මිලක තිබියදී දෛනිකව සැමන් ටින් ලක්ෂ පහක අලෙවියක් පැවැති බව දේශීය සැමන් නිෂ්පාදකයෝ කියා සිටිති.

කෙසේ නමුත්, සැමන් ටින් එකක් රුපියල් 490 ක උපරිම සිල්ලර මිලක පවත්වාගෙන යාමට දේශීය සැමන් නිෂ්පාදකයන් පසුගියදා සාකච්ඡා කළද, එම මිලට සැමන් අලෙවි කරනු ලබන්නේ සීමිත නිෂ්පාදකයන් පිරිසක් බව පැවැසේ.

මේ අතර, සැමන් ආනයනය කිරීම සඳහා ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් වෙළෙඳ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇතැයිද පැවැසේ.

දේශීය සැමන් නිෂ්පාදකයන් සහ වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ අතර ඊයේ (23 වැනිදා) සාකච්ඡාවක් පැවැති අතර, එහිදී දේශීය සැමන් නිෂ්පාදකයන් දැනුම්දී ඇත්තේ මෙරට තුළ සැමන් නිෂ්පාදනාගාර 21 ක් තිබෙන බවත්, ඉන් දෛනිකව සැමන් ටින් ලක්ෂ 06 ක නිෂ්පාදන ධාරිතාවයක් පවතින බැවින් සැමන් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය.

ඉදිරියේදී සැමන් ටින් එකක මිල තවත් අඩු කිරීම සම්බන්ධව ද දේශීය සැමන් නිෂ්පාදකයන්ගේ අවධානය යොමුවී තිබේ.

මේ අතර, ප්‍රමිති ආයතනය, ධීවර අමාත්‍යංශය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, වෙළෙඳ අමාත්‍යාංශය එක්ව ලබන වසරට (2025) පෙර සැමන් සහ ලුණු සඳහා පාලන මිලක් නියම කිරීමට නියමිත බවද පැවැසේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us