සැත්කමට සිහි නැති කළ 9 හැවිරිදි දරුවා සිහි නොලබාම මිය යයි Featured

Published in පුවත්
Tuesday, 24 December 2024 09:11

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදුකරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව සිහි නොලබා මියගිය තම නව හැවිරිදි දරුවාගේ මරණයට එම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වගකිව යුතු බවට මියගිය දරුවාගේ දෙමාපියෝ චෝදනා කරති.

මෙලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට පෙතිගමුව හල්තොට ප්‍රදේශයේ පදිංචි ධනූජ වික්‍රමාරච්චි නැමති 09 හැවිරිදි දරුවෙකි.

මෙම දරුවා පසුගියදා (18 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ අතර අතර එහිදී මෙම දරුවාට ශල්‍යකර්මයක් සිදුකිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති බව කියයි.

හිරිවැට්ටීමකින් සිදුකරන මෙම ශල්‍යකර්මය මෙම දරුවාගේ වයස සැලකිල්ලට ගෙන සිහි නැති කර සිදුකිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව ශල්‍ය කර්මය සිදුකළත් දරුවාට සිහිය ලැබී නැති බවද පැවසේ.

ඒ අනුව සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මෙම දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇති අතර එම රෝහලේද සිහිය නොමැතිව දින කිහිපයක් ප්‍රතිකාර ලැබ දරුවා පෙරේදා මියගොස් ඇතැයි දෙමාපියෝ පවසති. මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළේ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාගෙන ඒ ඔස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us