ගොවීන්ට වන්දි මුදල් ලබාදීම පෙබරවාරි මස

Published in පුවත්
Tuesday, 31 December 2024 07:51

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ වගා කරන ලද වී ඇතුළු වගාවන්ට සිදුවූ හානිය සඳහා ගෙවිය යුතු වන්දි මුදල දළ වශයෙන් රුපියල් මිලියන 1,000 ත් 1,200 අතර බවට ගණන් බලා තිබෙන බවත්, ලබන වසරේ (2025) පෙබරවාරි මස මුල් සතියේදී අදාළ වන්දි මුදල් ගොවීන්ගේ ගිණුම්වලට බැර කරන බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිං ආරච්චි පැවසීය.

නොවැම්බර් මාසයේ සිට ඇද හැලුණු වැසි හේතුවෙන් කුඹුරු අක්කර 75,000 කට පමණ හානිවී තිබෙන බවද ඔහු කීවේය.

වන්දි ගෙවීමට අවශ්‍ය මුදල් මේ වනවිට මණ්ඩලයට ලැබී ඇතැයිද ඔහු පැවසීය.

එමෙන්ම ඉකුත් යල කන්නයේ ගංවතුර, නියඟ සහ වල් අලි උවදුරු හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් ලබන ජනවාරි මස 05 වැනිදා වනවිට ගෙවා අවසන් කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා තිබේ. මේ වන විට එම ගොවීන්ගෙන් සියයට 80 කට පමණ රුපියල් මිලියන 80 ක වන්දි මුදලක් ගෙවා තිබෙන බවද සභාපතිවරයා කීවේය.

යල කන්නයේ වගා හානි වූ ගොවීන් 5,500 කට වන්දි මුදල් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටි බවද ඔහු පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us