ජයිකා උප සභාපති සහ අගමැතිනිය අතර හමුවක්

Published in පුවත්
Wednesday, 08 January 2025 09:25

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ.

පාර්ලිමේන්තුවේ පැවති මෙම හමුවේදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා ජයිකා ආයතනයේ සහාය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවට ජපානයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව මෙහිදී සිය ප්‍රසාදය පළ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us