ශිෂ්‍යත්වයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අදින් ඇරඹේ -ප්‍රතිඵල දින 40ක් ඇතුළත Featured

Published in පුවත්
Wednesday, 08 January 2025 09:36

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) සිට ආරම්භ වනවා. ඒ, අනුව එම ඇගයීම් කටයුතු ලබන 12 වනදා දක්වා සිදු කරණ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 15 වනිදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් ආන්දෝලනයක් ඇති වුණා.

මෙම සිදුවීම ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා දුරදිග ගිය අතර, එම නඩුවේ තීන්දු පසුගිය 31 වනදා ප්‍රකාශයට පත් කළා.

ඒ,අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනකට නිදහස් ලකුණු දීම, ප්‍රශ්න 03 කප්පාදු කිරීම සහ සම්පූර්ණ විභාගය යළි පැවැත්වීම යන නිර්දේශ තුන අතුරින් සුදුසුම නිර්දේශය තෝරාගෙන එය වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ, අනුව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න තුනට සියලුම අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබාදීමටයි විහග දෙපාර්තමේන්තුව පසුගිය 01 වනදා තීරණය කළේ.

මෙම තීරණයත් සමඟ ,එතෙක් කලක් නවතා දමා තිබූ 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද (08) දිනයේ සිට ආරම්භ වනවා.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us